Awareness10 notes5 videos6 articles

Know what
you're
saying no to.

මත්ද්‍රව්‍ය කියන්නේ ඔයාගේ හීන මරාදමන උගුලක්. අපි මේ කතා කරන්නේ ඒ උගුලට අහුවෙන්නේ නැතුව ජීවිතේ දිනන හැටි ගැනයි.

01 Notes

Ten things every student should know

In Sinhala
02
Peer pressure

රැල්ලට අහුවෙන්න එපා

"එක පාරක් කරලා බලමු බං" කියන යාලුවෝ ඕන තරම් ඉඳියි. මතක තබාගන්න, ඔයාව අමාරුවේ දාන කෙනෙක් කවදාවත් සැබෑ යාලුවෙක් නෙමෙයි. වැරදි දේට කෙලින්ම "බැහැ" කියන්න පුරුදු වෙන්න. ඒක තමයි නියම කොන්ද පණ තියෙන වැඩේ.

03
Your brain

මොළය අප්ඩේට් කරමු

ඉස්කෝලේ යන කාලේ කියන්නේ මොළය වේගයෙන්ම හැදෙන කාලේ. මත්ද්‍රව්‍ය කියන්නේ ඒ සුපිරි පරිගණකයට දාන වයිරස් එකක් වගේ. ඒකෙන් ඔයාගේ මතක ශක්තියයි, ලොකු හීනයි ඔක්කොම විනාශ වෙලා යන්න පුළුවන්.

04
Vaping & new packaging

අලුත් පෙනුමකින් එන පරණ වස විස

දුම්කොළ සමාගම්වලට අවශ්‍ය වී ඇත්තේ ඔයාව එයාලගේ ස්ථිර පාරිභෝගිකයෙක් කරගන්නයි. එයාලා වර්ණවත් උපකරණ සහ ආකර්ෂණීය සුවඳ භාවිතා කරන්නේ ඔයාගේ නිදහස් චින්තනය ඇබ්බැහියකට යටත් කරගන්න. මේ තාක්ෂණික මෙවලම් ඇතුළේ තියෙන්නේ ඔයාගේ පෙනහලු විනාශ කරන විස මිසක් සෙල්ලම් බඩු නෙමෙයි. එයාලගේ ලාභය වෙනුවෙන් ඔයාගේ පාලනය එයාලට දෙන්න එපා.

05
Stress

Stress ද? එහෙනම් මේක බලන්න

විභාග පීඩනය අමතක කරන්න මත්ද්‍රව්‍ය පස්සේ යන්න එපා. ඒකෙන් වෙන්නේ ප්‍රශ්න දෙගුණ වෙන එකයි. ඒ වෙනුවට සින්දුවක් අහන්න, සෙල්ලම් කරන්න නැත්නම් හිතවත් කෙනෙක් එක්ක කතා කරන්න. ඒකයි නියම විසඳුම.

06
Family

ගෙදර අයගේ හිනාව

ඔයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාම ඒකෙන් පිච්චෙන්නේ ඔයා විතරක් නෙමෙයි, ඔයාගේ අම්මයි තාත්තයි. ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු විනාශ කරන්න එපා. පවුලේ සතුට ඔයාගේ අතේයි තියෙන්නේ.

07
Real happiness

නියම සතුට සොයාගන්න

මත්ද්‍රව්‍ය නැතුව ජීවිතේ විඳින්න බැහැ කියන්නේ බොරුවක්. ක්‍රීඩාවක් කරද්දී, සින්දුවක් කියද්දී අපේ ඇඟ ඇතුළෙන්ම නියම සතුටක් ලැබෙනවා. කිසිම අතුරු ආබාධයක් නැති ඒ ස්වභාවික සතුට අත්විඳින්න පුරුදු වෙන්න.

08
A friend in trouble

යාලුවෙක් අමාරුවේද?

හදිසියේවත් යාලුවෙක් මේ වගේ දේකට පැටලිලා ඉන්නවා දැක්කොත් එයාව කොන් කරන්න එපා. එයාට මේ වෙලාවේ උදව් ඕනේ. ගුරුවරයෙක්ට හරි දෙමව්පියන්ට හරි කියලා එයාව බේරගන්න බලන්න.

09
Decisions

තීරණ ගැනීමේ වැදගත්කම

අද ඔයා ගන්න එක පුංචි තීරණයක් ඔයාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා හැඟීම්වලට වඩා බුද්ධියට ඉඩ දීලා, ඔයාගේ ජීවිතේ ලස්සන කරන තීරණ විතරක් ගන්න.

10
Self-belief

ඔබේ ජීවිතේ වීරයා ඔබම වන්න!

නියම "පොරවල්" කියන්නේ රැල්ලට යන අයට නෙමෙයි, තමන්ගේ හීන පස්සේ මහන්සි වෙලා යන අයටයි. තමන් ගැන විශ්වාසයක් තියාගන්න. ඔයාට ලොකු ගමනක් යන්න තියෙනවා. ඒ ගමන මත්ද්‍රව්‍ය වලට විනාශ කරන්න දෙන්න එපා.

02 Videos

Watch and learn

සැබෑ අවදානම් වටහා ගැනීමටත්, කූට උපක්‍රම හඳුනා ගැනීමටත්, වඩාත් නිවැරදි තේරීමක් කිරීමටත් උපකාරී වන කෙටි ප්‍රායෝගික වීඩියෝ පෙළක්.

Tap to play
01 / 05

සිගරට් කර්මාන්තවල ප්‍රධාන ඉලක්කය තරුණයන් සහ දරුවන් බව ඔබ දන්නවාද

Open on YouTube ↗
03 Articles

Latest articles

Tap to enlarge
අප හා සම්බන්ධ වන්න

අනාගතය දකින්න
වැරදි තීරණවලින් මිදෙන්න

ප්‍රශ්නයක් තියෙනවද? යාලුවෙක්ට උදව් ඕනෙද? අපිට කතා කරන්න.

අප හා සම්බන්ධ වන්න