CHOOSE REALITY
NOT A FANTASY.

මත්ද්‍රව්‍ය කියන්නේ ඔයාගේ හීන මරාදමන උගුලක්. අපි මේ කතා කරන්නේ ඒ උගුලට අහුවෙන්නේ නැතුව ජීවිතේ දිනන හැටි ගැනයි.

01. ඇත්තටම මේක මොකක්ද?

යාලුවනේ, වැඩිහිටියෝ මත්ද්‍රව්‍ය එපා කියන්නේ නිකම්ම ඔයාව බය කරන්න නෙමෙයි. මේවා අපේ මොළය රවට්ටන කෙමිකල් ජාතියක්.හිතාගන්න බැරි තරම් ඉක්මනින් ඔයාගේ ශරීරය ඒකට ඇබ්බැහි වෙනවා. ඊට පස්සේ ඒක නැතුවම බැරි වුණාම ඔයා ඔයාගේම ජීවිතේ වහලෙක් වෙනවා. හිතලා බලන්න, කෙමිකල් පෙත්තකට ඔයාගේ පාලනය දෙන එක කොච්චර අපරාධයක්ද?

02. රැල්ලට අහුවෙන්න එපා

"එක පාරක් කරලා බලමු බං" කියන යාලුවෝ ඕන තරම් ඉඳියි. මතක තබාගන්න, ඔයාව අමාරුවේ දාන කෙනෙක් කවදාවත් සැබෑ යාලුවෙක් නෙමෙයි. වැරදි දේට කෙලින්ම "බැහැ" කියන්න පුරුදු වෙන්න. ඒක තමයි නියම කොන්ද පණ තියෙන වැඩේ.

03. මොළය අප්ඩේට් කරමු

ඉස්කෝලේ යන කාලේ කියන්නේ මොළය වේගයෙන්ම හැදෙන කාලේ. මත්ද්‍රව්‍ය කියන්නේ ඒ සුපිරි පරිගණකයට දාන වයිරස් එකක් වගේ. ඒකෙන් ඔයාගේ මතක ශක්තියයි, ලොකු හීනයි ඔක්කොම විනාශ වෙලා යන්න පුළුවන්.

04. අලුත් පෙනුමකින් එන පරණ වස විස

දුම්කොළ සමාගම්වලට අවශ්‍ය වී ඇත්තේ ඔයාව එයාලගේ ස්ථිර පාරිභෝගිකයෙක් කරගන්නයි.එයාලා වර්ණවත් උපකරණ සහ ආකර්ෂණීය සුවඳ භාවිතා කරන්නේ ඔයාගේ නිදහස් චින්තනය ඇබ්බැහියකට යටත් කරගන්න. මේ තාක්ෂණික මෙවලම් ඇතුළේ තියෙන්නේ ඔයාගේ පෙනහලු විනාශ කරන විස මිසක් සෙල්ලම් බඩු නෙමෙයි. එයාලගේ ලාභය වෙනුවෙන් ඔයාගේ පාලනය එයාලට දෙන්න එපා.

05. Stress ද? එහෙනම් මේක බලන්න

විභාග පීඩනය අමතක කරන්න මත්ද්‍රව්‍ය පස්සේ යන්න එපා. ඒකෙන් වෙන්නේ ප්‍රශ්න දෙගුණ වෙන එකයි. ඒ වෙනුවට සින්දුවක් අහන්න, සෙල්ලම් කරන්න නැත්නම් හිතවත් කෙනෙක් එක්ක කතා කරන්න. ඒකයි නියම විසඳුම.

06. ගෙදර අයගේ හිනාව

ඔයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාම ඒකෙන් පිච්චෙන්නේ ඔයා විතරක් නෙමෙයි, ඔයාගේ අම්මයි තාත්තයි. ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තු විනාශ කරන්න එපා. පවුලේ සතුට ඔයාගේ අතේයි තියෙන්නේ.

07. නියම සතුට සොයාගන්න

මත්ද්‍රව්‍ය නැතුව ජීවිතේ විඳින්න බැහැ කියන්නේ බොරුවක්. ක්‍රීඩාවක් කරද්දී, සින්දුවක් කියද්දී අපේ ඇඟ ඇතුළෙන්ම නියම සතුටක් ලැබෙනවා. කිසිම අතුරු ආබාධයක් නැති ඒ ස්වභාවික සතුට අත්විඳින්න පුරුදු වෙන්න.

08. යාලුවෙක් අමාරුවේද?

හදිසියේවත් යාලුවෙක් මේ වගේ දේකට පැටලිලා ඉන්නවා දැක්කොත් එයාව කොන් කරන්න එපා. එයාට මේ වෙලාවේ උදව් ඕනේ. ගුරුවරයෙක්ට හරි දෙමව්පියන්ට හරි කියලා එයාව බේරගන්න බලන්න.

09. තීරණ ගැනීමේ වැදගත්කම

අද ඔයා ගන්න එක පුංචි තීරණයක් ඔයාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා හැඟීම්වලට වඩා බුද්ධියට ඉඩ දීලා, ඔයාගේ ජීවිතේ ලස්සන කරන තීරණ විතරක් ගන්න.

10. ඔබේ ජීවිතේ වීරයා ඔබම වන්න!

නියම "පොරවල්" කියන්නේ රැල්ලට යන අයට නෙමෙයි, තමන්ගේ හීන පස්සේ මහන්සි වෙලා යන අයටයි. තමන් ගැන විශ්වාසයක් තියාගන්න. ඔයාට ලොකු ගමනක් යන්න තියෙනවා. ඒ ගමන මත්ද්‍රව්‍ය වලට විනාශ කරන්න දෙන්න එපා.

WATCH & LEARN

සැබෑ අවදානම් වටහා ගැනීමටත්, කූට උපක්‍රම හඳුනා ගැනීමටත්, වඩාත් නිවැරදි තේරීමක් කිරීමටත් උපකාරී වන කෙටි ප්‍රායෝගික වීඩියෝ පෙළක්.

Visual Guides

LATEST ARTICLES

Article 1

Article 2

Article 3

Article 4

Article 5

Article 6

අනාගතය දකින්න
වැරදි තීරණවලින් මිදෙන්න
අප හා සම්බන්ධ වන්න